"බුදුන්ගේ රස්තියාදුව" නිසා සන්නස්ගලටයි ශ්‍රීනාත්ටයි වුන වැඩේ..
බුදුන් වහන්සේට සහ බුද්ධාගමට මෙන්ම සංස්කෘතියට අපහාස කරමින් 'බුදුන්ගේ රස්තියාදුව' නමින් ග්‍රන්ථයක් ලියා මුද්‍රණය කර සමාජගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ සිංහල භාෂා ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලට සහ ශ්‍රීනාත් චතුරංග යන අයට අධිකරණයෙන් නියෝගයක් ලැබී තිබෙනවා.
ඒ එළඹෙන මැයි මස 20 වැනි දින අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විභාග කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න විසිනුයි මෙම නියෝගය ඊයේ (29) නිකුත් කර ඇත්තේ.
'බුදුන්ගේ රස්තියාදුව' කෘතිය පාඨකයා අතරට ගමන් කරනුයේ මීට සිව් වසරකට ඉහතදී එනම්, 2018 මැද භාගයේ දී යි. මෙම කෘතියෙහි කතෘ අයිතිය හිමිව ඇත්තේ ලේඛක කේ.කේ. ශ්‍රීනාත් චතුරංග යන අයටයි. උපුල් ශාන්ත සන්නස්ගලට චෝදනා එල්ල වී ඇත්තේ මෙම කෘතිය ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන්.
කෙසේවෙතත්, ග්‍රන්ථ රචක ශ්‍රීනාත් චතුරංග සිය කෘතියට නම යෙදූ ආකාරයට හේතු ලෙස විග්‍රහ කර ඇත්තේ එය අපහාස කිරීමක් නොව, භාෂාව තුළ අභිනිෂ්ක්‍රමණය යන පදයට සමානුපාතික වන පරිද්දෙන් රස්තියාදුව යන පදය ආරෝපණය කර ඇති බවයි.
මෙම පැමිණිල්ල 2018 වසරේ දී ගොනු කළේ ජනාධිපති නීතිඥ හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වන විජේදාස රාජපක්ෂ විසින්. ඔහු ගොනු කළ චෝදනාව අතර දැක්වෙන්නේ, දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) යටතේ ගැනෙන ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත අදහසින් වචන භාවිත කිරීම යන්නයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
