විනාස රැසක් කෙරූ "දිට්වා" සුළි කුණාටුව නැවත සිතියම්ගත කිරීමට සැරසේ
ශ්‍රී ලංකාවට අයහපත් ආකාරයට බලපෑ "දිට්වා" සුළි කුණාටුව පිළිබඳව චන්ද්‍රිකා ඡායාරූප යොදා ගනිමින් නැවත සිතියම් ගත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සූදානම් වේ.
එහිදී සුළි කුණාටුවේ බලපෑමෙන් ආපදාවට ලක් වූ නාය යෑම සහ ගංවතුර තත්ත්වය පිළිබඳව පෙර හා පසුව ලබාගත් චන්ද්‍රිකා තාක්ෂණ ඡායාරූප යොදාගෙන විශ්ලේෂණය කිරීමෙන් පසුව වාර්තාවක් සැකසීමට බලාපොරොත්තු වන බව සඳහන්.
එබැවින් ආපදාවට ලක් වූ ප්‍රදේශයන්හි කෘෂිකර්මය, ජල ද්‍රෝණී හා ඇල මාර්ග පද්ධතිය, නිවාස හා ගොඩනැගිලි මෙන්ම යටිතල පහසුකම් පිළිබඳව මෙම චන්ද්‍රිකා තාක්ෂණික ඡායාරූප ඔස්සේ අධ්‍යයනය කර ඒ සඳහා විසඳුම් රජයට යෝජනා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ අවධානය යොමු වී ඇත.
ඒ අනුව වැඩිදුරටත් වාර්තා වන්නේ ආපදාවට මුහුණ දුන් ජනතාව යථා තත්ත්වයට පත් කිරීමට අභියෝගාත්මකව ඉදිරියට ගොඩනැගීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් සකස් කරනු ලබන වාර්තාව යොදා ගැනීමට සූදානම් වන බවයි.
එමෙන්ම මේ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ද ලබාගැනීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන තීරණය කර ඇති බව සඳහන්.