තවත් දුම්රිය ගමන් වාර කීපයක් අවලංගුයි - මෙන්න ලිස්ට් එක

Report

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පිලී පැනීමක් හේතුවෙන් අද (20) රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර හතක් (07) අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඊයේ දිනයේ ඉහළ කොට්ටේ දුම්රිය ස්ථානය අසල පස් කන්දක් කඩාවැටීමෙන් මෙම පිලි පැනීම සිදුවූ බවත්, එම හේතුවෙන් අද උදෑසනද දුම්රිය ගමන්වාර හතක් අවලංගු කිරීමට සිදුවූ බවත් වාර්තා වේ.

ජනප්‍රිය රංගන ශිල්පියා හදිස්සියේම අතුරුදහන් දැක්කොත් වහාම දැනුම් දෙන්න

ජනප්‍රිය රංගන ශිල්පියා හදිස්සියේම අතුරුදහන් දැක්කොත් වහාම දැනුම් දෙන්න

කඩිගමුව සහ බලන අතර දුම්රිය මාර්ගයට ද පස් කඳු කඩාවැටී ඇති අතර, එම ස්ථානය වෙත ළඟා වීම ද මේ වනවිට දැඩිව අසීරු වී ඇතැයි ද වාර්තා වේ.

එමනිසා අද දින සවස හා රාත්‍රී නියමිතව ධාවනය වීමට නියමිත පහත සඳහන් දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

කාලෙකට පස්සේ රනිල් ලුණු ඇඹුල් ඇතුව අමතයි

කාලෙකට පස්සේ රනිල් ලුණු ඇඹුල් ඇතුව අමතයි

අවලංගු කර ඇති දුම්රිය ගමන්වාර පහත  දැක්වේ,

පස්වරු 03.35 කොළඹ කොටුව සිට මහනුවර

පස්වරු 04.35 කොළඹ කොටුව සිට මාතලේ

පස්වරු 05.15 කොළඹ කොටුව සිට මහනුවර

පස්වරු 05.55 කොළඹ කොටුව සිට මහනුවර

පස්වරු 08.30 කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය

පස්වරු 03.25 මහනුවර සිට කොළඹ කොටුව පස්වරු 06.00 බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය

ඇතුළුව අද දින ගමන් වාර 18 ක් අවලංගු කොට ඇත.