භාවිතයට නුසුදුසු පොල්තෙල් බැරල් 35ක් හසු වෙයි!

By Gagana News Mar 10, 2025 09:09 AM GMT
Report

භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් 15,620ක් සැකකරුවන් දෙදෙනෙකු,ලොරි රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

ගුවන් හමුදා බුද්ධි තොරතුරකට අනුව අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බලකාවේ ස්ථානාධිපති සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමඟ මෙම වැටලීම සිදු කර ඇති බව වාර්තා වේ. 

ඒ අනුව කොළඹ සිට පොළොන්නරුව දක්වා ලොරි රථයක ප්‍රවාහනය කරමින් තිබූ භාවිතයට නුසුදුසු පොල්තෙල් සමඟ ලොරිය මින්නේරිය ප්‍රදේශයේ පරීක්ෂාවකට ලක් කිරීමේදී හසු වී ඇත.

‘සුපර් මුස්ලිම්’ කියන නැගෙනහිර අන්තවාදී සංවිධානයක් - ඥානසාර හිමිගෙන් රටම කලබන හෙළිදරව්වක්!

‘සුපර් මුස්ලිම්’ කියන නැගෙනහිර අන්තවාදී සංවිධානයක් - ඥානසාර හිමිගෙන් රටම කලබන හෙළිදරව්වක්!

හාල්කුඩු වලින් දැමූ ගෝනි වලින් වසා අපිරිසිදු පොල්තෙල් බැරල් 35ක් එම ලොරි රථයේ සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගෙන ඇති බව වාර්තා වේ.

ලොරි රථය, පොල්තෙල් සහ සැකකරුවන් දෙදෙනෙක් එහිදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම පොල්තෙල් පොළොන්නරුව ප්‍රදේශයේ වී කුඩු වලින් සත්ත්ව තෙල් නිෂ්පාදනය කරන ආයතනයකට ගෙන යන බව ඔවුන් ප්‍රකාශ කර ඇත.  

ඉෂාරා ලංකාවේ ඉන්න බවට විශ්වාසයිලු!

ඉෂාරා ලංකාවේ ඉන්න බවට විශ්වාසයිලු!