උත්සව සමයේ කූට වෙළඳුන්ට වැඩ වරදී

By Mithu Apr 10, 2025 02:52 PM GMT
Report

 පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් උත්සව සමය වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පසුගිය දින කිහිපය තුළ පමණක් වැටලීම් 1,200ක් සිදුකර තිබේ. ඒ අනුව ඉදිරි දිනවලදී ද අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් වැටලීම් සිදුකරන ලෙස උපදෙස් ලැබී තිබේ.

එක් දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24රේ ක්‍රියාවලිය අත්හිටවයි?

එක් දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24රේ ක්‍රියාවලිය අත්හිටවයි?

මෙම වැටලීම් සිදුකිරීමේදී වෙළෙදුන් විසින් භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම, සඳහන් කළ මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල සඳහන් කර ඇති තොරතුරු වෙනස් කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, බිල්පත් නිකුත් නොකිරීම, කොන්දේසි සහිතව භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩ සගවා තබාගැනීම, භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම සහ පාරිභෝගිකයන් නොමග යවන අයුරින් කටයුතු කරමින් මිල අඩු කිරීම් සහ සේල් පවත්වාගෙන යමින් භාණ්ඩ අලෙවි කිරීම යනාදිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් වැටලීම් සිදු කරන ලෙසටද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

පොලීසිය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක්

පොලීසිය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක්