පොලීසිය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක්

Report

පොලීසිය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් සැකසීමට මේ වන විට සූදානම් කටයුතු සිදු කරමින් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (10) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අපේ ආණ්ඩුවෙන් කළු ගඟේ හා මුහුදේ පාවෙන හෝටල් හදනවා - නලින් ආයි කට අරී

අපේ ආණ්ඩුවෙන් කළු ගඟේ හා මුහුදේ පාවෙන හෝටල් හදනවා - නලින් ආයි කට අරී

ඒ සඳහා අදාළ කෙටුම්පතක් දැනටමත් වැඩබලන පොලිස්පතිවරයා විසින් සකස් කර ඇති බවත් ආනන්ද විජේපාල මහතා පැවසුවේය.

මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර 2026 වසරේ අයවැය යෝජනාවලට ඇතුළත් කිරීමට හැකි වැටුප් ව්‍යුහයක් ඉදිරිපත් කිරීමේ ශක්‍යතාව පිළිබඳ සොයා බලමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අලුත් අවුරුද්දට ගණන් උස්සන කිකිළියෝ!

අලුත් අවුරුද්දට ගණන් උස්සන කිකිළියෝ!

පොලිස් සේවයේ පවතින විශාල ගැටලු රැසක් විසඳීමට රජය මේ වන විට ක්‍රියාත්මක වෙමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.