මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්
By Malith Madushan
මහර බන්ධනාගාරය තුළ නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ, මතුව ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී වාර්තා කිරීමට නියමිතය.