වැඩිහිටි නිවාස පවත්වාගෙන යන අයට රජයෙන් දැඩි නියෝගයක්- සැප්තැම්බර් 30න් පසු නීතිය තද වෙයි
By Kanchana
ලියාපදිංචි නොකළ සියලුම වැඩිහිටි නිවාස සඳහා ලියාපදිංචි වීමට සැප්තැම්බර් 30 වැනිදා දක්වා අවස්ථාව ලබා දී ඇති බව වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.
එහි අධ්‍යක්ෂ චතුර මිහිඳුම් මහතා සඳහන් කළේ, එම කාලසීමාවෙන් පසුව ලියාපදිංචි නොවන වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
දිවයින පුරා පවතින වැඩිහිටි නිවාස 459 අතරින් මේ වන විට ලියාපදිංචි වී ඇත්තේ 148ක් පමණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.