කටාර් රාජ්‍ය වෙත ගිය අගමැතිනිය යළි දිවයිනට

Report

කටාර් රාජ්‍යයේ හිටපු අමීර්වරයාගේ අභාවය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා කටාර් රාජ්‍ය බලා ඉකුත් දා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (16) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් යළි දිවයිනට පැමිණ ඇත.

ඒ අනුව කටාර් රාජ්‍යයේදී දෝහා නුවර පිහිටි ලුසයිල් මාලිගය⁣ වෙත ගොස් වත්මන් අමීර්වරයා වන අමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල්-තානි මහතා හමුවී සිය ශොකය ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යතුමිය, ඉන් පසු අල් වජ්බා මාලිගය වෙත ගොස් කටාර් රාජ්‍යයේ අමීර්වරයාගේ මෑණියන් මෙන්ම කටාර් පදනමේ සභාපතිනිය ද වන ෂෙයිකා මෝසා බින්ට් නසාර් වෙතත්, අභාවප්‍රාප්ත හිටපු අමීර්වරයාගේ දියණියන් වන ෂෙයිකා අල් මයාසා බින්ට් හමාඩ් අල් තානි කුමරිය සහ ෂෙයිකා හින්ද් බින්ට් හමාඩ් අල් තානි කුමරිය වෙත මෙන්ම රාජකීය පවුලේ සෙසු සාමාජිකයින් වෙත හා කටාර් රාජ්‍යයේ සමාජ සංවර්ධන හා පවුල් කටයුතු පිළිබඳ අමාත්‍යවරිය වන බුතයිනා බින්ට් අලි අල් ජබර් අල් නුඅයිමි මහත්මිය වෙතද ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ශෝකය පළ කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරයි.

සුළු මොහොතකට පෙර ජූලි 16 දිනය පුරා වලංගු නිවේදනයක් - මේ පළාත්වලට විශේෂයි

සුළු මොහොතකට පෙර ජූලි 16 දිනය පුරා වලංගු නිවේදනයක් - මේ පළාත්වලට විශේෂයි

දුම්රියේ ගමන් කරන අයට විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක වන පරිදි මේ දුම්රිය ස්ථාන වසා දමයි

දුම්රියේ ගමන් කරන අයට විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක වන පරිදි මේ දුම්රිය ස්ථාන වසා දමයි