වනාන්තර ගිනිතබන අයට වැඩේ වරදි- වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක්

By Kanchana Jul 16, 2026 03:56 AM GMT
Report

වනාන්තර ගිනි තබන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පියවර ගන්නා බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ ඒ මේ වන විට වාර්තා වන, වාන්නතර ගිනි තැබීම් ඉහළ යාම හේතුවෙනි.

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් චන්දිම පානකුඹුර පැවසුවේ බදුල්ල, මොණරාගල ,මඩකලපුව යන දිස්ත්‍රික්කවල වනාන්තර ගිනි තැබීම් බහුල ලෙස වාර්තා වන බවයි. වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ එලෙස ගිනි තබන පුද්ගලයින් සම්බන්ධයෙන් 1995 යන ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි.

මේ අතර ඇතිවන ගිනි පැතිරීම පාලනය කිරීම සඳහා ගිනි පාලන වැටි සැකසීම ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඔහු ප්‍රකශ කර ඇත

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වයා වැඩිදුරටත් සඳහන් කළේ, වනාන්තර ආරක්ෂා කිරීම සහ ගිනි පාලනය සඳහා මෙවර අයවැයෙන් වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇති බවයි.