රටවල් 110ක සරසවි 2,016ක් පරදා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයම මවිත කරයි

Report

2026 UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලය බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය පත්ව තිබේ.

“පාලනය, ඩිජිටල්කරණය සහ ඒකාබද්ධ කාර්ය සාධනය තුළින් තිරසාර විශ්වවිද්‍යාල පරිශ්‍රයන් ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ නිකුත් කර ඇති මෙවර ශ්‍රේණිගත කිරීම් සඳහා රටවල් 110ක විශ්වවිද්‍යාල 2,016ක් ඇතුළත් කර තිබේ.

ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලකුණු 8,262.5ක් ලබා ගනිමින් ලෝක විශ්වවිද්‍යාල අතර 200 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

බස්නාහිර වෙව්ලවයි.. මෙරටින් රෝගීන් 99,000ක් පනී - වැඩිම අනතුර ගම්පහට

බස්නාහිර වෙව්ලවයි.. මෙරටින් රෝගීන් 99,000ක් පනී - වැඩිම අනතුර ගම්පහට

පරිසර හිතකාමී සහ තිරසාර විශ්වවිද්‍යාල පරිශ්‍රයක් පවත්වාගෙන යාම, තිරසාර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම පාරිසරික වශයෙන් වගකීම් සහගත ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීම ඇතුළු අංශවලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලබා ඇති ප්‍රගතිය මෙම ශ්‍රේණිගත කිරීමෙන් පිළිබිඹු වේ.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර දෙවැනි ස්ථානය කැලණිය විශ්වවිද්‍යාලයට හිමිව ඇති අතර, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම මගින් විශ්වවිද්‍යාලවල තිරසාරභාවය සහ පාරිසරික කාර්ය සාධනය සම්බන්ධ ප්‍රධාන දර්ශක කිහිපයක් පදනම් කර ගනිමින් ඒවා ඇගයීමට ලක් කරනු ලබයි.

ගෑස් සිලින්ඩර් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහලට දැඩි හානි - විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්

ගෑස් සිලින්ඩර් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහලට දැඩි හානි - විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්