ගෑස් සිලින්ඩර් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහලට දැඩි හානි - විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්

Report

පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙයි පරිශ්‍රයේ අද (26) අලුයම සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබේ.

අලුයම 4.00ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ. ඔවුන් තිදෙනා මේ වනවිට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

ප්‍රධාන මුළුතැන්ගෙයි සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක පළ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

පිපිරීම හේතුවෙන් රෝහල ආසන්නයේ පිහිටි ගොඩනැගිලි කිහිපයකටද දැඩි හානි සිදුව තිබේ.

බස්නාහිර වෙව්ලවයි.. මෙරටින් රෝගීන් 99,000ක් පනී - වැඩිම අනතුර ගම්පහට

බස්නාහිර වෙව්ලවයි.. මෙරටින් රෝගීන් 99,000ක් පනී - වැඩිම අනතුර ගම්පහට

මේ අතර, රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති අතර, පිපිරීමෙන් කිසිදු රෝගියෙකුට හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.

සිද්ධිය සැලවීමෙන් අනතුරුව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාද රෝහල වෙත පැමිණ තිබේ. සිදුවූ හානිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද රෝහල වෙත පැමිණීමට නියමිත බව වාර්තා වේ.

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

රත්තරන් මිලේ හදිසි වෙනසක් - වෙළදුන් හා ජනතාව පුදුම වෙන විදිහේ රන්මිලක් වාර්තා වේ.

රත්තරන් මිලේ හදිසි වෙනසක් - වෙළදුන් හා ජනතාව පුදුම වෙන විදිහේ රන්මිලක් වාර්තා වේ.