ගොවි ජනතාවට සුභ ආරංචියක් - ගොවිජන සේවා කොමසාරිස් ජනරාගෙන් නිවේදනයක්
ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසන්නේ යල කන්නයට අවශ්‍ය පොහොර අවශ්‍ය තරම් පවතින බවයි.
ඒ මහතා පවසන්නේ යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 9,900ත් / 10,200ත් අතර මිලකට ගොවීන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.
මේ අතර ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේ වැඩි මිලට පොහොර අලෙවි කරන වෙළදසැල් වැටලීමේ කටයුතු පාරිභෝගික සේවා අධිකාරිය මගින් සිදුකෙරෙන බවයි.