විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම උණුසුම්
රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම හා ඒ සඳහා පවතින වැඩපිළිවෙළ පිළිබඳ විවිධ අවස්ථාවල විවිධ ආකාරයෙන් කථිකාවන් ඇතිවෙයි.
මෙවරද රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බවට වර්තමාන ආණ්ඩුව මාධ්‍ය සාකච්ඡා පවත්වා ප්‍රකාශ කරයි.
අද (04) දින රැකියා විරහිත ගුරු විභාග සමත් හා මෙතෙක් රැකියා ගත නොකරන ලද උපාධිධාරී සංගමයේ කැඳවුම්කරුවන් හා ක්‍රියාකාරී තැනැත්තන් පිරිසක් විසින් පැවැත්වීමට නියමිත විරෝධතාවය වළක්වන ලෙසට අධිකරණයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.
වැලිකඩ පොලිස් වසමේ පොල්දූව මංසන්ධියේ සිදුකරන විරෝධතාවයට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.
මාර්ගය භාවිත කරන ජනතාවට හා පදිකයන්ට අවහිර වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණෟඩ ක්‍රියා නොකිරීමටත්, මහජන නියෝජිතයන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජකාරි යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි සඳහා කිසිඳු බාධාවක් වන අයුරින් උද්ඝෝෂණය කිරීම තහනම් කර ඇති බව සඳහන් වේ.
එසේම මෙම උද්ඝෝෂණය සිදු කිරීමට සියළු වග උත්තරකරුවන් හා අනුගාමිකයන් වගබලා ගත යුතු බවත්, කිසිදු අවස්ථාවක මාර්ගවය අවහිර කරමින් පෙළපාලි පැවැත්වීමට තහනම් බවද එම නිවේදනයයේ සඳහන් කර ඇත.
එසේ වගකීම් ගැනීමට නොහැකි නම් අදාළ උද්ඝෝෂණය නොපමාව විසුරුවා හැරිය යුතු බවටත් මෙම අණ කඩකළහොත් සාමය රකිනු වස් ශ්‍රී ලංකා පොලිසිය ඊට වහාම පියවර ගත යුතු බවත් එම ආඥාවෙන් දැනුම්දී තිබේ.
එම විරෝධතාවයේ වීඩියෝව පහතින් නරඹන්න
