උසස් පෙළ සමත් ඔයාට සුබ ආරංචියක් - විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කිරීම පිළිබඳව විශේෂ දැනුම්දීමක්

Report

පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කඩඉම් ලකුණු (Z-Score) ලබන මස මුල් සතියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේ, මෙවර උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් 92,043 ක් ලැබී ඇති බවයි.

එම අයැදුම්පත් සලකා බැලීමෙන් අනතුරුව, මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 42,937 දෙනෙකු ඇතුළත් කර ගැනීමට නියමිත බව හෙතෙම සඳහන් කළේය.

සතිය පටන් ගද්දිම මේ අයට ජීවිතේම සුබ වෙන ලග්න පලාපල මෙන්න - ජූලි 13 සතුට උතුරයි

සතිය පටන් ගද්දිම මේ අයට ජීවිතේම සුබ වෙන ලග්න පලාපල මෙන්න - ජූලි 13 සතුට උතුරයි

ඒ අනුව, තේරී පත්වන සිසුන් වෙනුවෙන් එළඹෙන සැප්තැම්බර් මස සිට විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද මහාචාර්යවරයා පවසා සිටියේය.

මීට අමතරව, මෙවර ශිෂ්‍ය කණ්ඩායම වෙනුවෙන් නව උපාධි පාඨමාලා කිහිපයක්ම අලුතින් හඳුන්වා දීමට කටයුතු සූදානම් කර ඇති බව ද උප සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

රජයෙන් විශේෂ තීරණයක් - විශ්‍රාම වැටුපේ නව වෙනසක් සමඟ මුදල් එක පාර සහ ටික ටික ගන්නත් පුලුවන් නව ක්‍රමයක්

රජයෙන් විශේෂ තීරණයක් - විශ්‍රාම වැටුපේ නව වෙනසක් සමඟ මුදල් එක පාර සහ ටික ටික ගන්නත් පුලුවන් නව ක්‍රමයක්