දෙයියනේ මෙහෙමත් නස්පැත්තියක්...මනමාලයට බම්බු ගහගන්න කියලා මනමාලි කසාදෙට තිත තියයි

Report

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ කයිමූර් දිස්ත්‍රික්කයේ කත්‍රා ගම්මානයේ විවහයක් සම්බන්ධ පුදුම සහගත පුවතක් වාර්තා වී තිබෙනවා.

එනම් මනාලයාගේ අත කුංකුම උත්සවය අතරවාරයේදී සෙලවෙන බව දුටු මනාලිය අනතුරුව විවාහ මංගල්‍යයක් අවලංගු කර ඇති බවයි.

නව කොවිඩ් ප්‍රභේදය මගින් මරණ 2ක්! - සෞඛ්‍ය අංශයෙන් නව අනතුරු ඇඟවීමක්

නව කොවිඩ් ප්‍රභේදය මගින් මරණ 2ක්! - සෞඛ්‍ය අංශයෙන් නව අනතුරු ඇඟවීමක්

මනාලිය විවාහයෙන් ඉවත් වී තිබෙන්නේ මනාලයා මානසිකව ස්ථාවර තත්ත්වයක නොමැති බව පවසමින් බව සඳහන්.

අඳාළ සිදුවීම පැපුවා පොලිස් ස්ථානයේ බලප්‍රදේශය යටතේ සිදු වී ඇත.

කෙසේ වෙතත් සෙනාරි ප්‍රදේශයේ භගති ගම්මානයේ සිටි ශිව්බචන් බින්ට්ගේ පුත්‍රයා වූ හිරා කුමාර් නම් මෙම මනාලයා තම විවාහ පෙරහැර සමඟ පැමිණ තිබෙනවා.

විවාහයේ මූලික චාරිත්‍ර වාරිත්‍ර සියල්ල සම්පූර්ණ කර තිබූණද, තීරණාත්මක කුංකුම උත්සවය අතරතුරදී මනාලයාගේ අත සෙලවෙන බව මනාලිය පවසා ඇත.

එසේම ඇය පවසා ඇත්තේ ඔහුට කුංකුම නිසි ලෙස ආලේප කිරීමට නොහැකි වූ බවයි.

මේ නිසා මනාලයාට "පිස්සු" බව පවසා ඔහුව විවාහ කර ගැනීම ප්‍රතික්ෂේප කළ මනාලිය විවාහයෙන් ඉවත් වී ඇති බවට වාර්තා වේ.

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

ඒ අනුව මේ සම්බන්ධයෙන් පැවති උණුසුම් තත්ත්වය උත්සන්න වී එය ප්‍රාදේශීය පොලිසිය වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පොලිස් නිලධාරීන් විසින් පවුල් දෙකටම සාකච්ඡා වෙනුවෙන් පැපුවා පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස උපදෙස් ලබා දී තිබේ.

කෙසේ වෙතත් පැය කිහිපයක් සාකච්ඡා කළ ද කිසිදු එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇත.

ඒ මනාලිය තම තීරණයේ ස්ථිරව සිටීම නිසයි.

ඒ අනුව අවසානයේ මනාලයාට මනාලිය නොමැතිව තම නිවසට ආපසු යාමට සිදු වූ බව වාර්තා වේ.

විරෝධතා මැද විදුලි බිල ගැන ආපු අලුත්ම සුබාරංචිය

විරෝධතා මැද විදුලි බිල ගැන ආපු අලුත්ම සුබාරංචිය