වරාය පරිශ්‍රයේ ප්‍රබල ගින්නකින් - මිලියන ගාණක වාහන සම්පූර්ණයෙන් ගිනිබත්
By Ashfa
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රිතාන්‍යයේ (UK) සවුත්හැම්ප්ටන් (Southampton) වරාය පරිශ්‍රයේ ඇති වූ ප්‍රබල ගින්නකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2කට වඩා (බ්‍රිතාන්‍ය පවුම් 900,000ක් පමණ) වටිනා හයිබ්‍රිඩ් (Hybrid SUV) වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ 33ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.
මෙලෙස ගිනිබත් වී ඇත්තේ 'Jaecoo E5' මාදිලියේ මෝටර් රථ සමූහයක් වන අතර කෙසේ වෙතත්, ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන් ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයන් දැඩි උත්සාහයක නිරත වූ අතර, එම අවස්ථාවේදී විශාල පිපිරීම් හඬවල් කිහිපයක් ද ඇසුණු බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇති බවත්, මෙම අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බව බලධාරීන් තහවුරු කර ඇති බවයි.