උඩුදුම්බර නායයයි - ගෙවල් බලන්න ගිය පිරිසක් අනතුරේ

Report

උඩුදුම්බර දෙකේ කණුව ප්‍රදේශයේ නිවාස දෙකක් නායගොස් තිබෙන අතර එම ස්ථානයේ සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත. (18) දින දහවල් තුවාල ලද තිදෙනා එම ප්‍රදේශයේ සුරක්ෂිත මධ්‍යස්ථානයකට යොමුකර සිටියදී ඔවුන් පදිංචිව සිටි නිවාසවල තත්ත්වය සොයා බැලීමට ගිය අවස්ථාවේ මෙම නායට අසුව තිබේ.

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

තුවාල ලද දෙදෙනෙකු උඩුදුම්බර රෝහලටත් තවත් අයකු මහනුවර ජාතික රෝහලටත් ඇතුළත් කර ඇති අතර ඊසාන දිග මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ හුන්නස්ගිරිය සිට මීමුරේ දක්වා මාර්ගය ඇතුලු ස්ථාන කිහිපයක යළිත් වරක් නාය යෑමේ සහ පස් කඳු පෙරළීමේ අවදානමක් මතුව ඇත. මේ හේතුවෙන් ගල් පෙරළීමේ අවදානමක් මතුව තිබෙන නිසා මහනුවර මහියංගණය මාර්ගයේ වාහන පදවන රියැදුරන් ඒ පිළිබඳ දැඩි ලෙස විමසිලිමත් විය යුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.

මේ පාසල දින නියමයක් නොමැතිව වසා දමයි

මේ පාසල දින නියමයක් නොමැතිව වසා දමයි

ඉකුත් දිනවල ඇතිවූ නාය හේතුවෙන් මේ වන විට වාහන ධාවනයට එම මාර්ගයේ එක් මං තීරුවක් පමණක් විවෘත කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසා ඇත. උඩුදුම්බර ප්‍රදේශයේ පාසලක් තුළ පවත්වාගෙන ගිය සුරක්ෂිතතා මධ්‍යස්ථානයකට නාය අවදානම එල්ල වී ඇති බැවින් එහි සිටි සියලු පිරිස් වෙනත් ආරක්ෂිත ස්ථානයක් කරා යොමු කළ බව ද ඔහු පැවසුවේය.

ඉන්දියාවත් අනතුරේ- රජය අනතුරු අගවයි

ඉන්දියාවත් අනතුරේ- රජය අනතුරු අගවයි