වසර 11ක දේශපාලන දඩයම මරණයෙන් කෙළවර වෙයිද? කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන උදයංග වික්‍රමතුංග තැබූ ආන්දෝලනාත්මක සටහන මෙන්න

Report

සැක කටයුතු ආකාරයට මියගොස් සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය ගැන විවිධ පුද්ගලයන් විවිධ අදහසක් පළ  කරයි.

ඒ අනුව ඔහුගේ සමීපතමයෙක් වන ඒවගේම රුසියාවේ හිටපු තානාපතිවරයෙක් වන උදයංග වික්‍රමතුංග මහතා සිය   මුහුණුපොතෙහි මෙම  මරණය ගැන සටහන් කර තිබුණි.

මියගොස් සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ සිරුර පසුගිය (08) දින උදෑසන දී සොයා ගෙන තිබුණා. ඒ කොල්ලු‍පිටිය, පේද්‍රිස් පෙදෙසේ අංක 37 දරන නිවසේ තිබියදී බව සඳහන්. අඳාළ නිවස කපිල චන්ද්‍රසේනගේ ඥාතියෙකුට අයත් නිවසක් බවට වාර්තා වේ.

"මාවත් එල්ලෙන්න පොළඹවනවා" - කපිල චන්ද්‍රසේන මියයන්න පෙර ලියූ දිවුරුම් ප්‍රකාශයෙන් හෙළිවන බරපතල අනාවරණය

"මාවත් එල්ලෙන්න පොළඹවනවා" - කපිල චන්ද්‍රසේන මියයන්න පෙර ලියූ දිවුරුම් ප්‍රකාශයෙන් හෙළිවන බරපතල අනාවරණය

ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරිම නිසා ඔහුව නැවත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම    පසුගිය (07) දින    වරෙන්තු නිකුත් කර තිබූ පසුබිමක කපිල චන්ද්‍රසේනගේ සිරුර අද දින සොයා ගෙන තිබීම කාගේත් අවධානයට ලක්වුණ කරුණක් විය .

එසේම සිරුර තිබූ නිවස අසල පිහිටි පෞද්ගලික රෝහලක සේවකයෙකු විසින් සිය දිවි හානි කරගත් අයෙකුගේ සිරුරක් ඇති බවට කළ දැනුම් දීමකින් අනතුරුව කොල්ලු‍පිටිය පොලිසියේ නිලධාරීන් එම නිවස වෙත ගොස් ඇත.

එහිදී එම නිවසේ දෙවන මහලේ තිබී සිරුර හමු වී ඇති අතර, එහි කාමරයක නාන කාමරයට ඇතුළුවන දොරෙහි එල්ලී මොහු සියදිවි හානි කරගන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

තවද  කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ නියෝගයකට අනුව, මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. ඒ අනුව පසුගිය 9 දින  පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයේදී මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ විය.

මෙම මරණය ස්වභාවික හේතුවක් හෝ සියදිවි නසාගැනීමක් ද, එසේත් නැතිනම් ඔහු සතු රහස් හෙළිවීම වැළැක්වීමට සිදුකළ සැලසුම් සහගත ක්‍රියාවක් ද යන්න පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට විවිධ පැති ඔස්සේ සාක්ෂි එකතු කරමින් සිටියි. 

කෙසේ වෙතත් මේ රටේම ආන්දෝලනයට ළක් වුන මරණය ගැන ඔහුගේ සමීපතමයෙක් වන ඒවගේම රුසියාවේ හිටපු තානාපතිවරයෙක් වන උදයංග වික්‍රමතුංග මහතා සදහන් කර තිබුණේ වෙනස් අදහසක්. හිටපු තානාපතිවරයෙක් වන උදයංග වික්‍රමතුංග මහතාද  මිග්යානා ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අයෙකි .

 මිග්යානා ගණුදෙනුව යනු මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා යුක්‍රේනයෙන් MiG-27 සටන් ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමට සිදු කළ ගනුදෙනුවකි.

එයාර් බස් ගනුදෙනුවේ සුලමුල සොයා ඕස්ට්‍රේලියාවට - කපිලගේ බිරිඳ සහ නිමල් පෙරේරා කොටු කරගන්න අලුත් මෙහෙයුමක්

එයාර් බස් ගනුදෙනුවේ සුලමුල සොයා ඕස්ට්‍රේලියාවට - කපිලගේ බිරිඳ සහ නිමල් පෙරේරා කොටු කරගන්න අලුත් මෙහෙයුමක්

එය සිදු වූයේ 2000 දශකයේ මුල් කාලයේදීය. මෙම ගනුදෙනුවේදී   උදයංග වික්‍රමතුංග   මහතා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරමින් සිටියා. ඔහු මෙම ගනුදෙනුව සම්බන්ධ ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස සඳහන් වුණා.

පසුව මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මෙවැනි චෝදනා එල්ල වුණා

  • ගුවන් යානා මිලදී ගැනීමේදී අධික මිල ගෙවීම
  • අතරමැදි ගනුදෙනුකරුවන් හරහා කොමිස් මුදල් ලබා ගැනීම රජයට විශාල මුදල් අලාභයක් සිදුවීම
  • ගනුදෙනුවේ විනිවිදභාවය අඩුවීම

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සහ නඩු කටයුතු සිදු වුණා. උදයංග වික්‍රමතුංගට විරුද්ධවද විවිධ අවස්ථාවලදී නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණා. 

කෙසේ වෙතත් තම හිතවත් කපිල චන්ද්‍රසේනගේ මරණය ඔහු තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්     

උපුටා ගැනීම

මා මිත්‍ර කපිල!
මා ඔබව පළමු වරට හඳුනාගත්තේ කොළඹ කැප්රි ක්ලබ් එකේදීය. එදා ඔබ දුරකථන සංනිවේදන ක්ෂේත්‍රයේ සක්‍රීයව නිරත වූ පුද්ගලයෙකි. පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ–මොස්කව් ගුවන් සේවාව ආරම්භ කිරීම සඳහා ඔබ ලබාදුන් සහයෝගය, රුසියානු සංචාරක ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ මතකයේ සදා රැඳී සිටිනු ඇත. 2015 පසු යහපාලන ආණ්ඩු සමයේ දේශපාලන ගොදුරක් ලෙස ඔබට මෙන්ම මටද වසර 11කට අධික කාලයක් පුරා විවිධ චෝදනා එල්ල කෙරිණි. ඔබට එයාර්බස් ගනුදෙනුව මෙන්ම මිග් ගනුදෙනුව සම්බන්ධයෙන්ද, මා හට රතු නිවේදන නිකුත් කරනු ලැබුවේ සම්මත නීතිමය ක්‍රියාපටිපාටිවලින් බැහැරව ක්‍රියා කළ එම නඩය විසිනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 2020 පෙබරවාරි 14 දා ශ්‍රී ලංකාවට පැමිණි මා, මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් රිමාන්ඩ් භාරයට පත්කරන ලදී. එදා වැලිකඩ බන්ධනාගාරයේ පළමු රාත්‍රිය ගතකළේ ඔබත්, රංජන් රාමනායකත් සමඟ එකම සිරමැදිරිය තුළ බව මට කිසිදිනක අමතක නොවනු ඇත. වැලිකඩ රිමාන්ඩ් භාරයේ සිටි අප දෙදෙනාටම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාගැනීමට සිදුවූයේද එම රංග දිසානායක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේමය.
එසේ ඇප මත නිදහස්ව සිටියද, වසර ගණනාවක් පුරා අයුක්තියට එරෙහිව නිහඬ සටනක් ගෙනගිය කපිල චන්ද්‍රසේන අද ජීවිතක්ෂයට පත්ව ඇත. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස පත්වූ මුල් කාලයේ, ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකාවට ඇතුල්වීමේ සම්බාධක පනවනු ලැබුවේද අප දෙදෙනාටය. අහම්බයක්ද නැද්ද යන්න මා නොදනිමි. එසේ 2024 දී එම තහනමට ලක්වූ 12 දෙනා අතරින් ශ්‍රී ලංකාවෙන් එවැනි සම්බාධකයකට ලක්වූයේ අප දෙදෙනා පමණක් වීම විශේෂත්වයකි. මෙතෙක් රෙජීම් දේශපාලනයට එරෙහිව ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණ සහ පීඩන හමුවේ අප දෙදෙනා මුහුණදුන් සියලු අත්දැකීම් අතරින්, අද ඔබ අපෙන් සමුගෙන, කාටත් හොරෙන් තනිවම යන පළමුවන්නාද, අන්තිමයාද ඔබ නොවන බව සටහන් කර තබමි.

🕯️ උදයාංග වීරතුංග

 උපුටා ගැනීම අවසන්

Gallery