තයිරොක්සින් ඖෂධ හිඟ බවට රෝගීන්ගෙන් චෝදනා

cancer tyrosine prasanna gunasena kapila wikramanayake
By Sewvandhi Jun 01, 2021 08:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තයිරොක්සින් හෝර්මෝනයේ ඌණතා පවතින රෝගීන් ලබාගන්නා තයිරොක්සින් ඖෂවල හිඟයක් පවතින බව වාර්තාවනවා. කොළඹ මෙන්ම පිට පළාත්වල රජයේ ඔසුසැල් සහ පෞද්ගලික ඖෂධ අලෙවිසැල්වලද මෙම ඖෂධය මිලදී ගැනීමට නොමැති බවයි වාර්තා වුණේ.

තයිරොයිඩ් ග්‍රන්ථියේ තයිරොක්සින් හෝර්මෝනය නිපදවීමේ ඌණතා පවතින අවස්ථාවලදී වෛද්‍ය නිර්දේශය මත දීර්ඝකාලීනව රෝගීන් මෙම ඖෂධය ලබාගැනීම සිදු කෙරෙනවා.

අප මේ සම්බන්ධයෙන් විමසීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ඔවුන් ඊට ප්‍රතිචාර දක්වා සිටියේ නැහැ.

මේ අතර, ඇතැම් පිළිකා සඳහා ප්‍රතිකාර ලෙස භාවිත කරන මිලිලීටර් හතරේ බෙවසිසුමැබ් එන්නත් බෝතල් 32,000 ක් රුපියල් මිලියන 220.8 කට මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now