සා/පෙළ ලියන්න ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදන් වූ හැටි.
ඊයේ (14) දිනයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බවට ගිනිගත්හේන පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
ඔවුන් දෙදෙනා ඊයේ උදෑසන විභාගයට පෙනී සිටීම සඳහා අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති අතර ඉන් එක් සිසුවියක් දෙමාපියන් සමඟ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත.
ගිනිගත්හේන, අග්‍රඔය සහ නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි එම සිසුවියන් දෙදෙනා මිතුරියන් වන අතර ඔවුන් දෙදෙනා විභාග මධ්‍යස්ථානය අසල විභාගය ආරම්භ වීමට පෙර කතා කරමින් සිටි බවට සිසුන් කිහිපදෙනෙකු දැක තිබෙනවා.
අනතුරුව මද වේලාවකට පසු ඔවුන් නාවලපිටිය නගරයේ නිල ඇඳුමින් සිට ඇති බවත් සිදුකළ මුලික විමර්ශනවලදී පොලීසියට අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අතුරුදන් වූ සිසුවියන්ගේ තොරතුරු මේ වනවිට සියලු පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
..................................................
May you Like