නොහිතපු වෙලාවක, ජල රකුසා පාසල් සිසුන් දෙදෙනෙක්ට කළ හදිය..

Police spokesman Sri Lanka Police Sri Lanka Police Investigation Accident Death
By krishani Jun 14, 2024 02:00 PM GMT
krishani

krishani

Report

අද (14) පෙරවරුවේ මීගමුව, වැල්ල වීදිය ප්‍රදේශයේ මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

නොහිතපු වෙලාවක, ජල රකුසා පාසල් සිසුන් දෙදෙනෙක්ට කළ හදිය.. | Two School Students Drown

ඒ බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

මෙම සිසුන් දෙදෙනා තවත් සිසුන් දෙදෙනෙකු සමග එම ස්ථානයේ දිය නෑමට ගොස් ඇත.

කෙසේ වෙතත්, එහිදී දිය නාමින් සිටි සිසුන් සිව්දෙනාම දියේ ගසා ගොස් ඇති අතර ඉන් දෙදෙනෙකුගේ දිවි බේරා ගෙන ඇත.  

මේ අතර, හබරණ නගරයට ආසන්න ප්‍රදේශයක දී සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා මඩමක් පවත්වාගෙන ගිය කාන්තාවන් පස්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හබරණ පොලිස් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

එම වැටලීම සිදු කරන අවස්ථාවේ දී ගණිකා මඩම පවත්වාගෙන ගිය නිවසෙහි රැඳී සිටි කාන්තාවන් 05 දෙනෙකු මෙන් ම උපත් පාලන කොපු රැසක් ද සොයාගෙන තිබෙනවා.

මෙම වැටලීම අද (14) පෙරවරුවේ දී සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරිනියන් වයස අවුරුදු 32 -42ක අතර පසුවන්නන් වේ.

ඔවුන් හබරණ, වවුනියාව,කුරුණෑගල ,කැකිරාව,ගල්නෑව ප්‍රදේශවල පදිංචි අය බව හෙළි ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

හොර රහසේ ජයටම කරගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි - පොලීසිය යනකොටත් එහෙ වෙලා තියෙන දෙය..

හොර රහසේ ජයටම කරගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි - පොලීසිය යනකොටත් එහෙ වෙලා තියෙන දෙය..