වැලිගමින් අතුරුදන් දැරියන් දෙදෙනෙක් නුගේගොඩින් හමු වෙලා.. ත්‍රීවීලයකට ගොඩ වෙන්න හදනකොටම වෙලා තියෙන දෙය..
වැලිගම නගරයෙන් අතුරුදහන් වූ පාසල් දැරියන් දෙදෙනෙක් නුගේගොඩ ප්‍රදේශයේ මාර්ගයක සැරි සරමින් සිටිය දී සොයාගෙන තිබෙනවා.
ඒ මිරිහාන පොලිසිය විසින් ය.
මෙලෙස හමුව ඇත්තේ වයස අවුරුදු 07 සහ 14 යන වයස්වල පසු වූ දැරියන් දෙදෙනෙක් ය.
ඔවුන් පසුගිය 26 දින පෙරවරුවේ වැලිගම ප්‍රදේශයේ පිහිටි නිවසින් පිටව ගොස් ඇති බවට අවසන් වරට තොරතුරක් වාර්තා වී ඇත.
එම අවස්ථාවේ දී ඔවුන්ගේ මව අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව සිට ඇත.
එමෙන්ම, පියා රැකියාවට ගොස් නිවසට පැමිණ නිදා සිට ඇති බව සඳහන් වේ.
දැරියන් දෙදෙනාගේ සහෝදරයෙකු ද රැකියාවට ගොස් සිට ඇති අතර ඔහු නිවසට පැමිණෙන සිය සහෝදරියන් දෙදෙනා නිවසේ නොමැති බව දැන ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා.
පසුව වැලිගම මූලස්ථාන පොලිසිය වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.
අනතුරුව දැරියන් දෙදෙනා සොයා පොලිස් විමර්ශන අරඹා ඇත.
දැරියන් දෙදෙනාගේ තොරතුරු දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත දැනුම්දීමට පියවර ගෙන ඇති බව වාර්තා විය.
මේ අතර කුඩා දැරියන් දෙදෙනෙක් නුගේගොඩ හතේ කණුව අසළ දී ත්‍රී රෝද රථයකට නැගීමට උත්සාහ ගත් අවස්ථාවේ දී ඒ අසළ සිටි කාන්තාවක් මේ පිළිබඳව මිරිහාන පොලිසියට දැනුම් දී තිබෙනවා.
ඒ,අනුව එම දැරියන් දෙදෙනා පොලිස් භාරයට ගෙන මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
අනතුරුව මෙම දැරියන් දෙදෙනා වැලිගම ප්‍රදේශයෙන් අතුරුදන් වූ දැරියන් බවට හඳුනාගෙන ඇත.
ඔවුන් වැලිගම සිට බස් රථයක නැගී නුගේගොඩ ප්‍රදේශයට පැමිණ ඇති බව අනවරණය විය.
පොලිස් භාරයට ගත් දැරියන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව කළුබෝවිල අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කර පසුව ඔවුන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා මේ වන විට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය සඳහන් කළේ ය.
You May Like This Video👇
.
