හේතුව මේකද..? වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ..!

Report

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ සහ ගබඩා භාරකරුගේ වැඩ තහනම්කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ, රැඳවියන්ට ජංගම දුරකථන ලබාදුන් බවට විමර්ශකයින් අනාවරණය කර ගැනීමෙන් ඔවුන් වැඩ තහනමට ලක්වූ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින්, බන්ධනාගාර ආරක්ෂාව සහ නීතිය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,.