රාජගිරියේ සිද්ධියට - සැකකරුවන් දෙදෙනෙක් රිමාන්ඩ් කෙරේ
පසුගියදා රාජගිරිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙක් ව අනතුරට ලක්කර පළාගිය මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් අතුරින් භාරවූ තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියමකළේය.
මෝසමක් මාර්ගයෙන් මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලාසිටියේ භාරවූ සැකකරුවන් දෙදෙනා අතුරින් එක් සැකකරුවකු පොලිසිය භාරයට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්නකිරීමට අවසර දෙන ලෙසය.
එහෙත් එම සැකකරු පොලිසියට භාරවීමෙන් පසුව ඔහුව පහරදීමට ලක්ව තිබෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ දන්වා සිටියාය.
කෙසේවෙතත් පොලිසිය විසින් තම භාරයට පමුණුවන ලෙස ඉල්ලා සිටි සැකකරු පහරදීමකට ලක්ව තිබෙන බවට අධිකරණ වෛද්‍ය වාර්තා මගින් ද අනාවරණය වී තිබූ හෙයින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා රිමාන්ඩ් බන්ධනාගාරයේ දී ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසත් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් භාරවූ අනෙක් සැකකරු ද ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද පොලීසියට නියෝග කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
