ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නෞකා දෙකක් කොළඹට
By Mithu
ඉන්දීය වෙරළාරක්ෂක බලකායට (Indian Coast Guard) අයත් ‘වරාහ’ (ICGS Varaha) සහ ‘අතුල්‍ය’ (ICGS Atulya) නෞකා දෙකම නිල සංචාරයකට කොළඹ වරායට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව මේ නෞකා උණුසුම් ආකාරයට පිළිගත්ත අතර, මෙම සංචාරය සම්ප්‍රදායානුකූල ලෙස සිදු වූ බව නිවේදනය කර ඇත.
මෙම සංචාරය සුහදත්වය පමණක් නොව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ විශේෂ ඒකාබද්ධ අභ්‍යාස කිහිපයකට ඉන්දීය නෞකා සහභාගී වීම, ඉන්දීය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකා අතර වෘත්තීය සබඳතා ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය අත්දැකීම් හුවමාරු කිරීම යනාදිය සිදු කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන බව නාවික හමුදාව පැවසීය.