කොල්ලුපිටිය රත් වෙයි - පාසලක් වෙතට වෙඩි ප්‍රහාර 15ක්
කොල්ලුපිටිය, ආර්.ඒ.ද මෙල් මාවතේ පිහිටි පාසලක් ආසන්නයේ අද (25) දින අලුයම 2.35ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවද වාර්තා වේ.
ඒ අනුව කොල්ලුපිටිය පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සංගීත විද්‍යාලයක් පිහිටි ගොඩනැගිල්ල දෙසට හා ගේට්ටුවට ටී - 56 ගිනිඅවියකින් වෙඩි තබා පලා ගොස් ඇති බවයි.
එහිදී වෙඩි ප්‍රහාර 15ක් පමණ ඒ දෙසට එල්ල කර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිව ඇත.
අඳාළ විද්‍යාලයේ ඉදිරිපිට හිස් පතොරොම් කොපු ඇති බවට කොල්ලුපිටිය පොලීසියට ලද දුරකථන පණිවුඩයක් අනුව ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කළ බව පොලීසිය පවසයි.
එමෙන්ම යතුරුපැදියෙන් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනාගෙන් පසුපැදිකරු විසින් එකවරම මෙසේ ගිනිඅවියකින් ගොඩනැඟිල්ල දෙසට හා ගේට්ටුව දෙසට වෙඩි ප්‍රහාර එල්ල කරන අයුරු එම ස්ථානයේ ඇති CCTV කැමරාවක ද සටහන්ව ඇති බව පොලීසිය වාර්තා කරයි.
කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, එම වෙඩි තැබීම කුමන අරමුණකින් සිදුකරන ලද්දක් ද යන්න කරුණු අනාවරණය වී නොමැත. කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව සඳහන්.