කරන්දෙණියේ ඝාතනයට දෙන්නෙක් කොටු
කරන්දෙණිය කිරිපේද්දේ පාරක තිබී තියුණු ආයුධයකින් කපා කොටා අභිරහස් අයුරින් ඝාතනය කරන එක් දරු පියාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඝාතනය සඳහා යොදාගත් කඩුවක්,යතුරු පැදියක් සමග කරන්දෙණිය කිරිපේද්ද හතේ කණුව පාලු නිවසක සැගවී සිටියදී සැකපිට අත් අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය සදහන් කර තිබේ.
ඒ අනුව ඉකුත් 4 වැනිදා මේ සැකකරුවන් ඝාතනය කර ඇත්තේ කරන්දෙණිය ,කිරිපේද්ද ,හතේ කණුව ලිපිනයේ පදිංචි ශෂික පේමරත්න නමැති තිස් දෙහැවිරිදි එක් දරු පියෙකු බවද පොලීසිය සදහන් කරයි.
තවද කුවේට් රාජයයේ සිටන මෙරට මත් ජාවාරම්කරුවෙකුගේ කොන්තාත්තුවක් මත මේ ඝාතනය සිදුකර ඇති බව වාර්තා වේ.
පොලිසිය සදහන් කරන්නේ ඝාතනයවූ තැනැත්තා මත් කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිට මීට දින කිහිපයකට උඩදී ඇප මත නිදහස්ව සිටි අයෙකු බවයි.
එලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇල්පිටිය යක්කටුව පදේශයේ පදිංචි වයස 27,30යන වයස්වල පසුවන්නන් බවත් සැකකරුවන් දෙදෙනාම ඝාතනයවූ තැනැත්තාගේ මිතුරන් බව පොලීසිය සදහන් කර තිබේ.