වෙඩිතැබීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් දෙන්නෙක් කොටු
වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ගෙන ඇත.
කළුතර දකුණ පොලිස් ස්ථානය මෙම සිද්ධිය වාර්තා වී තිබුණි.
මෙම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කරන ලදි .
පොලිසිය සදහන් කළේ ඊයේ උදෑසන මෙම අපරාධයට යොදාගත් යතුරුපැදියේ වර්ණය වෙනස් කර සන්තකයේ තබාගැනීම, ගිනි අවිය ප්‍රවාහනය කිරීම සහ අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එම සැකකරුවන් දෙදෙ අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 හා 27 ක් වයසැති පුද්ගලයන් වේ. ඔවුන් කළුතර උතුර සහ බෝඹුවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇති බව පොලීසිය සදහන් කර තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී අදාළ යතුරුපැදියේ ගලවා තිබූ කොටස්, වර්ණය වෙනස් කිරීම සඳහා භාවිත කළ ද්‍රව්‍ය, ව්‍යාජ අංක තහඩු ජෝඩුවක් සහ ව්‍යාජ ආදායම් බලපත්‍රයක් ඇතුළු දේපළ විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් තව දුරටත් විමර්ශන සිදු කරනු ලබයි.