සුළු මොහොතකට පෙර සුපිරි නළු විජේ තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දෙයි [LIVE]

Report

සුපිරි නළු තලපති විජේ අද දින (10) ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ අමාත්‍යවරයා ලෙස සුළු මොහොතකට පෙර දිවුරුම් දී ඇත. තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් මහතා ඉදිරියේ චෙන්නායි හි පිහිටි නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද දින මේ ආකාරයෙන් සුපිරි නළු තලපති විජේ දිවුරුම් දුන්නේය.

පසුගියදා පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් විජේගේ තමිලග වෙට්ට්‍රි කළගම් (TVK) පක්ෂය ආසන 108ක් දිනා ගත් නමුත්, රජයක් පිහිටුවීමට අවශ්‍ය 118ක බහුතරය සඳහා තවත් ආසන 10ක අඩුවක් පැවතිණි.

කෙසේ වෙතත්, ආණ්ඩුකාරවරයා සමඟ පැවති වට හතක තීරණාත්මක සාකච්ඡාවලින් අනතුරුව, වාමාංශික පක්ෂ සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ තමිල්නාඩු නියෝජනය (ආසන 05) විජේ වෙත සහාය පළ කිරීමට එකඟ විය.

ඊයේ (09) දිනය වන විට තමිල්නාඩු මුස්ලිම් ලීගය සහ තවත් වාමාංශික පක්ෂ කිහිපයක් සන්ධානගත වීමත් සමඟ විජේ මහතා සතු සමස්ත මන්ත්‍රී බලය 120 දක්වා ඉහළ ගොස් තිබේ.

එහි සජීවී දර්ශන පහතින් ,