අම්බලන්ගොඩ වෙඩි ප්‍රහාරේ ඇත්ත නැත්ත - ආන්දෝලනාත්මක තොරතුරු රැසක් එළියට
අම්බලන්ගොඩ නගර සභාව අසල අද (04) දින උදෑසන සිදුවූ වෙඩි වැදීමෙන් මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත් පුද්ගලයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු නොවන බවට පොලිසිය මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අද උදෑසන අම්බලන්ගොඩදී වාර්තා වූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා නාගරික මන්ත්‍රීවරයෙක් ලෙසට විවිධ පුවත් පළ වීමත් සමඟයි.
එහෙත් වෙඩි තැබීමෙන් මියගිය තැනැත්තා මන්ත්‍රීවරයෙකු නොව ව්‍යාපාරිකයෙකු බව ශ්‍රී ලංකා පොලිසිය පැහැදිලි කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී වූට්ලර්ට අනුව, මුහුදු ආහාර වෙළෙන්දෙකු වූ මෙම ව්‍යාපාරිකයා වෙඩි තැබීමෙන් පසු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
එසේම ඔහු තවදුරටත් පවසා සිටියේ සුදු පැහැති වාහනයකින් පැමිණි කණ්ඩායමක් මෙම ප්‍රහාරය සිදුකර වහාම එම ස්ථානයෙන් පලාගොස් ඇති බව සිදු කළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.
එමෙන්ම මූලික පොලිස් පරීක්ෂණවලින් පෙනී යන්නේ වෙඩි තැබීමේ ඉලක්කය වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු වශයෙන් සැක කෙරෙන "කරන්දෙණිය සුද්දාගේ" වැඩිමහල් සහෝදරියගේ සැමියා බවයි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වෙනම කණ්ඩායම් හතරක් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.