තවත් නාගරික මන්ත්‍රීවරයෙක්ට වෙඩි - අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙක් බවත් හෙළි වෙයි [UPDATE]

Report

අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ උඩුමහලේ අද (04) දින උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් නාගරික මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද උදෑසන 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා ප්‍රකාශ කළේ.

ඔහු පැවසූ ලෙස සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සිදුකළ මුලික විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

අම්බලන්ගොඩ නගර සභා භූමියේ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ නගර සභා භූමියේ වෙඩි තැබීමක්

කෙසේ වෙතත් මේ වන විටත් වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්. ඔහු අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'කරන්දෙණිය සුද්දා' නැමැත්තාගේ ඥාතියෙකු බව ද සඳහන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 4ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් චරිත රත්වත්තේ අත්අඩංගුවට

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් චරිත රත්වත්තේ අත්අඩංගුවට

WhatsApp ගැන භයානක අනතුරු ඇඟවීමක්

WhatsApp ගැන භයානක අනතුරු ඇඟවීමක්