ඉදිරි පැය 36 තුළ තද වැසි සමග සුළං අකුණු ඇතිවීමේ අවදානමක් - මේ පළාත් සහ දිස්ත්‍රික්කවලට කාලගුණයේ විශේෂ දැනුම්දීමක්

Report

අද (11) පස්වරු 4.00ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන සාමාන්‍ය කාලගුණ අනාවැකියට අනුව, උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට නියමිතය.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ අනාවැකියේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දිස්ත්‍රික්ක 16කට ඇම්බර් වර්ණයේ හදිසි කාලගුණ අනතුරු ඇඟවීමක් - අද පස්වරු 1.00 සිට හෙට අලුයම 1.00 දක්වා අතිශය අවදානම්

දිස්ත්‍රික්ක 16කට ඇම්බර් වර්ණයේ හදිසි කාලගුණ අනතුරු ඇඟවීමක් - අද පස්වරු 1.00 සිට හෙට අලුයම 1.00 දක්වා අතිශය අවදානම්

අහසින් ගමන් යන්න ශ්‍රී ලාංකිකයන්ටත් අවස්ථාවක් ලැබෙයිද? - මගී ඩ්‍රෝන යානා අත්හදා බැලීම අද කොළඹදී

අහසින් ගමන් යන්න ශ්‍රී ලාංකිකයන්ටත් අවස්ථාවක් ලැබෙයිද? - මගී ඩ්‍රෝන යානා අත්හදා බැලීම අද කොළඹදී

Gallery