පොලිසියෙන් මහජනතාවට හදිසි ඇරයුමක් - නොසැලකිලිමත් රිය පැදවීම් සහ කළු දුම පිටවන වාහන ගැන වීඩියෝ එවන්න අංක මෙන්න
මාරාන්තික සහ බරපතළ රිය අනතුරු සංඛ්‍යාව ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, නොසැලකිලිමත් රිය පැදවීම් සහ රථවාහන නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ වීඩියෝ දර්ශන විශේෂ WhatsApp අංකයක් ඔස්සේ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, භයානක රිය පැදවීම් සහ රථවාහන නීති කඩකිරීම් පිළිබඳ වීඩියෝ සාක්ෂි 070-4755600 යන WhatsApp අංකයට යොමු කළ හැකි බවයි. මෙම වැඩපිළිවෙළ යටතේ මහජනතාවගෙන් ලැබුණු තොරතුරු සහ වීඩියෝ දර්ශන මත පදනම්ව සැකකරුවන් රැසක් මේ වන විට හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ද ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය පෙන්වා දෙන්නේ අධික වේගයෙන් රිය පැදවීම, නොසැලකිලිමත් රිය ධාවනය සහ රථවාහන නීතිරීති නොසලකා හැරීම මෙරට සිදුවන බරපතළ හා මාරාන්තික මාර්ග අනතුරුවලට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.
මේ අතර, අනවසර සහ අනාරක්ෂිත වෙනස්කම් සිදුකර ඇති වාහන සම්බන්ධයෙන් ද පොලිසිය දැඩි අවධානය යොමු කර තිබේ. එවැනි වෙනස්කම් හේතුවෙන් වාහනවල ගමන් ගන්නා පුද්ගලයන්ට මෙන්ම අනෙකුත් මාර්ග භාවිත කරන්නන්ට ද බරපතළ අවදානම් ඇතිවිය හැකි බව පොලිසිය අවධාරණය කරයි.
මෑතකදී සිදුවූ රිය අනතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනතුරුවලට ලක්වූ බස් රථ කිහිපයක් අවශ්‍ය වාහන යෝග්‍යතා සහතික හෝ අදාළ නියාමන අනුමැතීන් නොමැතිව ධාවනය කර ඇති බව අනාවරණය වී තිබේ. ඒ අතර වෙනස්කම් සිදුකර තිබූ බස් රථ ද ඇතුළත් බව සඳහන් වේ. එමෙන්ම අධික ලෙස කළු දුම පිටකරමින් ධාවනය වන වාහන පිළිබඳ තොරතුරු 070-3500525 යන WhatsApp අංකයට යොමු කරන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එවැනි පැමිණිලි ඉදිරිපත් කිරීමේදී අදාළ වාහනයේ ලියාපදිංචි අංකය, සිදුවීම වූ දිනය සහ ස්ථානය මෙන්ම ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ද ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත. රථවාහන සම්බන්ධ සිදුවීම් සහ පැමිණිලි දැනුම්දීම සඳහා පහත දුරකථන අංක ද භාවිත කළ හැකිය.
පොලිස් හදිසි ඇමතුම් අංකය – 119
කොළඹ හදිසි ඇමතුම් අංශය – 0112-433333
ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව – 1955
පොදු මාර්ගවල ධාවනය කිරීමට පෙර තම වාහන සියල්ල නීතිමය අවශ්‍යතා සහ නියමිත ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කරගන්නා ලෙස ද පොලිසිය වාහන හිමිකරුවන්ගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, රථවාහන නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීම සඳහා දිවයින පුරා රථවාහන නීති ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව ද පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මව් පදවියට සූදානම් වූ සුන්දර ‘නයෝමිචාන්’ගේ අකල් වියෝව- සමාජ මාධ්‍ය කැළඹූ පුවත- මරණයට හේතුව අධි රුධිර වහනයක්ද?