මැදපෙරදිග උණුසුම් වෙයි - ට්‍රම්ප් හතර වටෙන් හිර වෙයි.. පැය 48න් හෝමූස් විවෘත කරයිද?

Report
Courtesy: AL JAZEERA

හෝමූස් සමුද්‍ර සන්ධිය පැය 48ක් තුළ විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාර විනාශ කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය Truth Social ගිණුමේ සටහනක් තබමිනි. එහි සඳහන් වන්නේ සටහන පළ කළ කාලයේ සිට පැය 48ක අනතුරු ඇඟවීමේ කාලය ආරම්භ වන බවයි.

මෙම අනතුරු ඇඟවීම මඟින් මැදපෙරදිග තත්ත්වය තවදුරටත් උත්සන්න වීමේ අවදානම ඉහළ ගොස් ඇති අතර, ජාත්‍යන්තරයේ බලවතුන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ. හෝමූස් සමුද්‍ර සන්ධිය ලෝක තෙල් සැපයුම්වලින් 20%කට ආසන්න ප්‍රමාණයක් ගලා යන තීරණාත්මක මාර්ගයක් බැවින් මෙම තර්ජනය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්