හෝමුස් හන්දියේ තනිවෙච්ච ට‍්‍රම්ප් - නේටෝ මැදිහත් වීමත් ප්‍රතික්ෂේප වෙයි

Report

ඉරානය සමඟ පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කළ යෝජනාවට නේටෝ සංවිධානයේ මිත්‍ර රටවල් සහය නොදක්වා ඇති බව වාර්තා වේ.

මෙම තීරණයත් සමඟ අත්ලාන්තික් මිත්‍ර සබඳතාවල සැලකිය යුතු නොසන්සුන්තාවක් ඇති වී ඇති බවද සඳහන් වේ.

සති හයක් පුරා පැවති යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව, ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත්තේ අදාළ මුහුදු මාර්ගයේ නාවික ගමනාගමනය සීමා කිරීම සඳහා අමෙරිකානු හමුදාව අනෙකුත් හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකන් එයාර්ලයින් වෙබ් අඩවියට සල්ලි ගෙවනවනම් ඔන්න බලාගෙන

ශ්‍රී ලංකන් එයාර්ලයින් වෙබ් අඩවියට සල්ලි ගෙවනවනම් ඔන්න බලාගෙන

කෙසේ වෙතත් පසුව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව නිලධාරීන් සඳහන් කර ඇත්තේ මෙම සීමා ඉරාන වරායන් වෙත යන හෝ එතැනින් පැමිණෙන නෞකා සඳහා පමණක් බලපාන බවයි.

ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය තම පාලනයට නතු කරගෙන ඇති බවත්, එම මාර්ගය භාවිත කරන නෞකාවලින් බදු අය කිරීමට උත්සාහ කරමින් සිටින බවත් වාර්තා වේ.

මේ අතර එක්සත් රාජධානිය සහ ෆ්රාන්ස් ඇතුළු ප්‍රධාන නේටෝ සාමාජික රටවල් මෙම ගැටුමට සෘජුව මැදිහත් නොවන බවද අවධාරණය කර තිබේ.

චීනයේ ෂෙන්සෙන් BYD නිෂ්පාදනාගාරයේ දැවැන්ත ගින්නක්

චීනයේ ෂෙන්සෙන් BYD නිෂ්පාදනාගාරයේ දැවැන්ත ගින්නක්