මැදපෙරදිග උණුසුම අතර ඉරානය සාම සාකච්ඡා සඳහා සූදානම්ලු
පවතින මතභේදාත්මක තත්ත්වයන් විසඳා ගැනීම සඳහා ඉරානය සෑමවිටම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගවලට ප්‍රමුඛතාව ලබා දෙන බව එරට ජනාධිපති මසූඩ් පීසෙෂ්කියන් (Masoud Pezeshkian) පවසයි.
එමානුවෙල් මැක්‍රොන් සමඟ පැවති දුරකථන සංවාදයකදී ඔහු අවධාරණය කර ඇත්තේ සාම සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා තම රට සූදානම් බවයි.
තර්ජන, බලපෑම් සහ හමුදා ක්‍රියාමාර්ග කිසිසේත්ම ඵලදායී නොවන බව පෙන්වා දුන් ඔහු, එවැනි ක්‍රියාමාර්ග මගින් එක්සත් ජනපදය විසින්ම නිර්මාණය කරගෙන ඇති ගැටලු තවදුරටත් උග්‍ර වීමට හේතු වන බවද සඳහන් කළේය.
ඉරාන මාධ්‍ය වාර්තා අනුව, කලාපීය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික විසඳුම්වල වැදගත්කම මසූඩ් පීසෙෂ්කියන් මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.