ඊශ්‍රායල - ලෙබනන සටන් විරාම සාකච්ඡා ඇරඹේ
By Shehan
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා තීරණාත්මක සටන් විරාම සාකච්ඡා වොෂින්ටන් ඩී.සී. නගරයේදී ආරම්භ වී තිබේ.
දෙරටේ තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා එක්සත් ජනපදය මැදිහත්කරු ලෙස කටයුතු කරන බවද වාර්තා වේ.
1948 වසරෙන් පසු දෙරට අතර මෙවැනි සෘජු රාජ්‍ය තාන්ත්‍රික හමුවක් සිදුවන දුර්ලභ අවස්ථාවක් ලෙස විදෙස් මාධ්‍ය මෙම සාකච්ඡාව හඳුන්වයි.
කෙසේ වෙතත් සාකච්ඡා පැවැත්වෙන අතරතුරද දකුණු ලෙබනනයේ දේශසීමා ආශ්‍රිත ප්‍රදේශවල සටන් තත්ත්වය තවදුරටත් පවතින බවද වාර්තා වේ.