එලියට බහින්න එපා - උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ නිවේදනයක්
By Shehan
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළාත් කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (14) ප.ව. 03.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (15) දිනය සඳහා වලංගු වන බවද සඳහන් වේ.
ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යයට ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.