ලංකා ගල් අඟුරු සමාගමේ මුද්‍රා තැබූ කාර්යාලය හෙට විවෘත කෙරේ

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබන ලද කොහුවල පිහිටි ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලය හෙට (15) දින විවෘත කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළව අවශ්‍ය ලිපිගොනු එදිනට ලබා ගැනීමට නියමිත බවත්, එම කටයුතුවලින් පසු සමාගමේ දෛනික රාජකාරී සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා හැකි බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

2009 වසරේ සිට මෙරටට ගල් අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ආරම්භ කර ඇති පරික්ෂණයක මූලික පියවර ලෙස පසුගිය 11 දා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම කාර්යාලයට මුද්‍රා තබනු ලැබීය.

ආන්දෝලනාත්මක ගල් ඉඟුරු ප්‍රශ්න - ලංකා ගල් අඟුරු සමාගමෙන් විශේෂ නිවේදනයක්!

ආන්දෝලනාත්මක ගල් ඉඟුරු ප්‍රශ්න - ලංකා ගල් අඟුරු සමාගමෙන් විශේෂ නිවේදනයක්!

ගෝලීය දේශපාලන උණුසුම ඉහළ වෙද්දී මැදපෙරදිග රටවල් 5කින් ඉරානය වන්දි ඉල්ලයි

ගෝලීය දේශපාලන උණුසුම ඉහළ වෙද්දී මැදපෙරදිග රටවල් 5කින් ඉරානය වන්දි ඉල්ලයි