හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට මහනුවරදී

Report

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර අතර වැදගත් වන හිසතෙල් ගෑමේ නැකත හෙට (15) පෙරවරු 6.55ට යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

එම නැකත අනුව පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් සහ පයට කොලොන් පත් තබා, කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් ගා ස්නානය කිරීම මැනවියි දක්වා ඇත.

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී හෙට ‍පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම මහෝත්සවය මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන අතර, අදාළ කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අංශවල සහභාගීත්වයෙන් සංවිධානය කර තිබේ.

ඇවිලෙන යුධ අර්බුධ මැද ඉරානයට ඩොලර් බිලියන 270ක පාඩුවක්

ඇවිලෙන යුධ අර්බුධ මැද ඉරානයට ඩොලර් බිලියන 270ක පාඩුවක්

ඉන්ධන මිල සූත්‍රය සතිපතා ක්‍රියාත්මක වෙන ලකුණු

ඉන්ධන මිල සූත්‍රය සතිපතා ක්‍රියාත්මක වෙන ලකුණු