සංචරණ සීමා ලිහිල් කෙරේ
අද (10) සිට සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කර තිබේ. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
කෙසේවෙතත් දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමා කිරීම් තව දුරටත් ඉදිරි දින 14ක් සඳහා නොවෙනස්ව පවතිනු ඇති බව ද එහි සඳහන් වේ.
විවාහ මංගල උත්සව සඳහා අවසර ලැබෙන අතර ශාලාවේ ධාරිතාවෙන් 25% ක් හෝ සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව 150 ක් ලෙස දක්වා ඇත. පූජනීය ස්ථාන විවෘත කිරීමටත් අවස්ථාව ලැබේ .
කොවිඩ් ආසාදිත නොවන මෘතදේහවල අවමංගල්‍ය කටයුතු සඳහා අවසර හිමි වන අතර අදාළ දේහය මුදාහැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදුකළ යුතු වේ.
ඒ සඳහා පුද්ගලයින් 50 දෙනෙකුට සහභාගි විය හැකි බව ද නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් වේ. මේ අතර වැඩමුළු, සම්මන්ත්‍රණ හා සන්නාම දියත් කිරීම ආදිය පැවැත්වීමට අවසර හිමි වන අතර ඒ සඳහා උපරිම සහභාගිත්වය 50දෙනෙකු ට සීමා විය යුතුය.
අවන්හල් සඳහා පැවති රෙගුලාසි ලිහිල් කර තිබෙන අතර එම ස්ථානය තුළම අනුභව කිරීමට ඉඩ සලසන අවන්හල විවෘත කිරීමට ද අවසර දී තිබේ.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ සම්පූර්ණ නව මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



