ලෝකේ අසාර්ථකම සංචරණ සීමා ලංකාවේ

isolated quarantine travel restriction covd19 dr.Rukshan bellana
By Sewvandhi Jun 12, 2021 03:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගිය තෙසතියක දී මෙරට ක‍්‍රියාත්මක වූයේ ලොව අසාර්ථකම සංචරණ සීමා ක‍්‍රියාත්මක කිරීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා දිවයින පුවත් පතට ඊයේ (11) සඳහන් කර තිබේ.

එය මුළුමනින්ම අසාර්ථක සංචරණය සීමා පැනවීමක් බවත් එහි පැනවීමේ අරමුණු කිසි ලෙසකින්වත් ඉටු වී නැති බවත් හෙතෙම පවසයි.

සංචරණය සීමා පැනවීමේදී හමු වූ ආසාදිතයන් සහ මරණවලට වඩා වැඩි ප‍්‍රමාණයක් මේ වන විටත් හමුවීම තුළ එම තත්ත්වය තහවුරු කෙරෙන බවද හෙතෙම සඳහන් කරයි .

මේ වන විට මරණ සංඛ්‍යාව දස ගුණයකින් පමණ වැඩි වීම පවතින භයානක තත්ත්වයේ තරම කියාපාන්නක් බවත් එහෙයින් නිවැරදි ලෙස නිසි සංචරණ සීමා නැවත ක‍්‍රියාත්මක කිරීමට රජය නැවත කටයුතු කළ යුතු බවත් වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා වැඩිදුරටත් ‘දිවයින’ පුවත්පතට අදහස් දක්වමින් කියා සිටී.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now