මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් විපක්ෂනායකගෙන් සුබපැතුම් පණිවිඩයක්

Report

ශුද්ධ වූ මුහම්මද් නබි නායකතුමන්ගේ ජන්ම දින සැමරුම හෙවත් අල්-මිලාද් උන්-නබි උත්සවය වෙනුවෙන් සමස්ත ඉස්ලාම් බැතිමතුන් වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය විශේෂ සුබ පැතුම් පණිවිඩය නිකුත් කර තිබේ.

මනුෂ්‍යත්වය ඉදිරියේ ජාති, ආගම් හෝ වෙනත් කිසිදු භේදයකට වඩා ගෞරවය, සාධාරණත්වය, කරුණාව සහ සහෝදරත්වය වැදගත් වන බව විපක්ෂ නායකවරයා එම පණිවිඩය මගින් පෙන්වා දෙයි.

නබිතුමන් විසින් ලොවට දේශනා කරන ලද උතුම් මානව ප්‍රේමය සහ සමානාත්මතාවයේ දර්ශනය වර්තමාන සමාජය එකමුතු කිරීමට මහඟු ආදර්ශයක් බව ද හෙතෙම සඳහන් කරයි.

දිවයිනේ පලාත් කීපයකට හා දිස්ත්‍රික්ක කීපයකට සුළු මොහොතකට පෙර අතිවිශේෂ නිවේදනයක්

දිවයිනේ පලාත් කීපයකට හා දිස්ත්‍රික්ක කීපයකට සුළු මොහොතකට පෙර අතිවිශේෂ නිවේදනයක්

එක්සත්, සාමකාමී සහ පරස්පර ගෞරවයෙන් පිරුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම උදෙසා නබි නායකතුමන්ගේ ධර්මතාවයන් මඟපෙන්වීමක් කරගන්නා ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

"මනුෂ්‍යත්වය ඉදිරියේ ජාති, ආගම් හා භේදවලට වඩා ගෞරවය, සාධාරණත්වය, කරුණාව සහ සහෝදරත්වය වැදගත් ය. විවිධත්වය අපගේ බෙදීමේ හේතුවක් නොව, ශ්‍රී ලංකාවේ ශක්තිය බවට පත් කරගත යුතු ය. වෙනස්කම් පිළිගනිමින්, අනෙකාගේ අයිතිවාසිකම් හා විශ්වාසයන්ට ගරු කරමින්, කිසිදු ජන කොටසක් අතහැර නොදමන සමාජයක් ගොඩනැගීම අපගේ පොදු වගකීමකි. මුහම්මද් නබිනායකතුමා විසින් පෙන්වා දුන් සාමයේ, සාධාරණත්වයේ සහ සහජීවනයේ මග ශ්‍රී ලංකාවට නව ආලෝකයක් වේවා.! සමස්ත ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට පින්බර මිලාදුන් නබි දිනයක් වේවා!"

ඔබේ ජීවිතයම උඩුයටිකුරු කරන අද දවසේ ඉතා බලගතු ලග්න පලාපල මෙන්න

ඔබේ ජීවිතයම උඩුයටිකුරු කරන අද දවසේ ඉතා බලගතු ලග්න පලාපල මෙන්න