මහජන බැංකුවේ නව සභාපති ලෙස චන්දන ගුණියංගොඩ වැඩ භාරගනියි

Report

මහජන බැංකුවේ නව සභාපති ලෙස පත් වූ චන්දන ගුණියංගොඩ මහතා ඊයේ (25) බැංකු ප්‍රධාන කාර්යාලයේ පැවැති උත්සවයකදී සිය ධුරයේ නිල වශයෙන් වැඩ භාරගෙන තිබේ.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ හිටපු සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ඇතුළු ආයතනික කළමනාකාරීත්වයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

මිලාද් උන් නබි උත්සවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් සුබ පැතුම් පණිවිඩයක්

මිලාද් උන් නබි උත්සවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් සුබ පැතුම් පණිවිඩයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ හඳුන්වා දුන් ශක්තිමත් ආයතනික පාලන රාමුව යටතේ, රාජ්‍ය වාණිජ බැංකුවක ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් වූ පළමු සභාපතිවරයා වීම විශේෂත්වයකි.

වාණිජ බැංකු ක්ෂේත්‍රයේ වසර 19ක අත්දැකීම් ඇතුළුව වසර 28කට අධික මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණතාවයක් හිමි චන්දන ගුණියංගොඩ මහතා FCA සහ FCMA ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි.

කට්ටියගේ ඇස් උඩයන්න ගුවන් යානයේ ගියර් මැදිරිය ඇතුලේ මළසිරුරක් - එයාර් අරාබියා රටම හොල්ලයි

කට්ටියගේ ඇස් උඩයන්න ගුවන් යානයේ ගියර් මැදිරිය ඇතුලේ මළසිරුරක් - එයාර් අරාබියා රටම හොල්ලයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ PIM ආයතනයෙන් MBA උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබා ඇති ඒ මහතා, ව්‍යාපාරික පරිවර්තනය, අවදානම් කළමනාකරණය සහ උපායමාර්ගික සැලසුම්කරණය පිළිබඳ බහුල පළපුරුද්දක් සහිත මූල්‍ය විශේෂඥයෙකි.