රක්නා ආරක්ෂක ලංකා සමාගමේ නිරීක්ෂණ සංචාරයකට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා එක්වෙයි

Report

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා රක්නා ආරක්ෂක ලංකා සමාගමේ විශේෂ නිරීක්ෂණ සංචාරයකට එක්ව තිබේ.

ආයතන පරිශ්‍රයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයාව, රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු (විශ්‍රාමික) මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

කට්ටියගේ ඇස් උඩයන්න ගුවන් යානයේ ගියර් මැදිරිය ඇතුලේ මළසිරුරක් - එයාර් අරාබියා රටම හොල්ලයි

කට්ටියගේ ඇස් උඩයන්න ගුවන් යානයේ ගියර් මැදිරිය ඇතුලේ මළසිරුරක් - එයාර් අරාබියා රටම හොල්ලයි

මෙම සංචාරය අතරතුර සමාගම විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුම් කටයුතු, වත්මන් ව්‍යාපෘති සහ ඉදිරි උපායමාර්ගික සැලසුම් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.

මෙහිදී ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ඇමතූ නියෝජ්‍ය අමාත්‍යවරයා, සමාගමේ ප්‍රගමනය වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීම අගය කළේය.

දිවයිනේ පලාත් කීපයකට හා දිස්ත්‍රික්ක කීපයකට සුළු මොහොතකට පෙර අතිවිශේෂ නිවේදනයක්

දිවයිනේ පලාත් කීපයකට හා දිස්ත්‍රික්ක කීපයකට සුළු මොහොතකට පෙර අතිවිශේෂ නිවේදනයක්

එමෙන්ම ආයතනය හමුවේ ඇති ඉදිරි ඉලක්ක ජයගැනීම සඳහා ඉහළ කාර්යක්ෂමතාවයකින්, වෘත්තීය ප්‍රමිතියකින් සහ කණ්ඩායම් හැඟීමකින් කටයුතු කරන ලෙසත්, රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය උපයාදීමේ ජාතික ක්‍රියාවලියට ශක්තිමත් දායකත්වයක් ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.