ජනපති මන්දිරයට සහ ලේකම් කාර්යාලයට ස්ථාන මාරුවීම්.
කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව අසලට රැගෙන යාම පිලිබඳ සැලසුමක් ශ්‍රී ලංකා රජය විසින් දියත් කිරීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා .
එසේම අක්කර 9ක භූමි අවකාශයක පිහිටි මාදිවෙල ජාතික සදුන් උයන ජනාධිපති කාර්යාලය ඉදිකිරීමටත් ,මාදිවෙල කුරුළු උයන සංකීරණය ඉදිකිරීමට යෝජිත වී තිබු අක්කර 38 ක භූමි ප්‍රමාණය තුල ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිකිරීමටත් අවධානය යොමු වී තිබෙනවා.
ජනතා මුදල් රුපියල් කෝටි ගණනාවක් වැය කරමින් 2021 වර්ෂයේ ජූලි මස ජාතික සදුන් උයන ආරම්භ වුයේ සදුන් පැළ 1000ක් ද රෝපණය කරමිනි.
මෙසේ ජනපති මැදුර සහ ලේකම් කාර්යාලය අගනගරයට රැගෙන යාම සඳහා පාදක වුයේ ඉකුත් සමයේ රට පුරා ජාති භේදයකින් තොරව පැවති අරගලයයි .
එපමණක් නොව අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගැනීමත් සමඟ එහි තිබු වැදගත් ආරක්ෂක ස්ථාන වල ඡායාරුප වීඩියෝ ජංගම දුරකතන ඔස්සේ මෙන්ම විවිධ තාක්ෂණ ජාල ඔස්සේ පුද්ගලයන් සන්තකයට පත්වීමත් සමඟ ජාත්‍යන්තර තලයට නිරාවරණය වීමද හේතු වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |