දුම්රියෙන් ඇසුරුම් කළ කසළ රැගෙන යාම අරඹයි...
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
By Parami Dissanayake
අද ( 25 ) දහවල් සිට කොළඹ වනවාසල සිට අරුවක්කාඩු කසල අංගනය දුම්රීයෙන් රැගෙන යාම සිදුවු බව දුම්රීය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, 756 දුම්රිය එන්ජිමෙන් දැවැන්ත බහාලුම් 20කින් මෙම කසළ තොගය රැගෙනවිත් ඇත.
කසළ තොගය රැගත් බහාලුම් වනවාසල සිට පුත්තලමට ගොස්, එතැන් සිට අරුවක්කාඩු කසළ අංගනය වෙත ගෙනඑන ලදී.
ඊයේ (24) සහ අද දහවල් නූර් නගර් දුම්රිය ස්ථානය අසල මෙම කසළ දුම්රියෙන් රැගෙන ඒමට විරෝධය පළ කරමින් සුළු පිරිසක් විරෝධතාවයක ද නිරතවී ඇතැයි වාර්තා වේ.