අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට ගිය දෙයක් වහාම අත්හිටුවයි..!
Sri Lanka Railways
Department of Railways
Railways
Latest Headlines
By Sewvandhi
වහාම ක්‍රියාත්මක පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට ගිය දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
එනම්, අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට සැලැසුම් කර තිබුණා.
ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමයේ සභාපති චන්දන ලාල් මහතා විසින් මේ බව ප්‍රකාශ කර ඇත.
අදාළ වැඩ වර්ජනයට තවත් වෘත්තිය සමිති කිහිපයක් එක් වීමට නියමිත වූ බවයි වාර්තා වුණේ.
ඒ අනුව දුම්රිය රියදුරු සංගමය, දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය මෙම වැඩ වර්ජනයට එක්වීමට තිබුණා.
