ජීවිත ආරක්ෂා වෙනුවෙන් එස්.එම්ලා සේවයෙන් ඉවත් වෙයි..! ජනතාව කුපිත වී කලහකාරී ලෙස හැසිරෙයි

By Sewvandhi Jul 06, 2022 12:31 PM GMT
Report

කොළඹ කොටුව සහ මරදාන ඇතුළු රට පුරා දුම්රිය ස්ථාන රැසක සේවයෙන් දුම්රිය ස්ථානාධිපතීන් ඉවත්ව සිටීම නිසා දුම්රිය ස්ථාන රැසක මේ දක්වා ප්‍රවේශපත් නිකුත් නොකරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පැවසීය.

දුම්රිය ප්‍රමාදයන් සහ දුම්රිය අවලංගු කිරීම නිසා ඇතැම් දුම්රිය ස්ථානවල ජනතාව කළහකාරීව හැසිරීම නිසා ආරක්‍ෂක පියවරක් ලෙස එම දුම්රිය ස්ථානවල ස්ථානාධිපතීන් සේවයෙන් ඉවත්කරගත් බවත් මෙය වැඩවර්ජනයක් නොවන බවත් ඔවුන් පවසයි.

කුපිත වූ ජනතාව ඇතැම් දුම්රිය ස්ථානවල දේපළවලට ද හානිකර තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now